WordPress WooCommerce Themes

අන්තර්ජාතික න්‍යෂ්ටික බල ඒජන්සිය (ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය) (IAEA)

න්‍යෂ්ටික බලශක්ති සාමකාමී භාවිතය ප්‍රවර්ධනය කරන සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමට කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයකි. එය 1957 දී එක්සත් ජාතීන්ගේ (එජාස) අනුග්‍රහය යටතේ ස්වාධීන අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස ස්ථාපිත කරන ලද අතර එහි මූලස්ථානය ඔස්ට්‍රියාවේ වියානා හි පිහිටා ඇත. IAEA හි මෙහෙවර වන්නේ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැලැක්වීමත්, තිරසාර සංවර්ධනය සඳහා න්‍යෂ්ටික බලශක්තිය සුරක්ෂිත කරමින්, ආරක්ෂිත සහ සාමකාමී භාවිතය ප්‍රවර්ධනය කිරීමයි. න්‍යෂ්ටික ආරක්ෂාව ඇතිකිරීම, න්‍යෂ්ටික කටයුතු අධීක්ෂණය, න්‍යෂ්ටික විද්‍යාව සහ තාක්‍ෂණය මනවයාට හිතකර ආකාරයෙන් ප්‍රවර්ධනය කිරීම සහ සාමාජික රටවලට තාක්ෂණික සහයෝගීතාව ලබා දීම ආදිය එහි මුධ්‍ය අරමුණු වේ. මේ අනුව ලොව පුරා න්‍යෂ්ටික බලශක්තිය සුරක්ෂිත කිරීම සහ ආරක්ෂිත භාවිතය ප්‍රවර්ධනය කිරීමේදී IAEA තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලි ය. එය න්‍යෂ්ටික ආරක්ෂාව, විකිරණ ආරක්ෂණය සහ න්‍යෂ්ටික පහසුකම් සහ ද්‍රව්‍යවල ආරක්ෂාව සඳහා මාර්ගෝපදේශ සපයන අතර ඊට අදාළ ප්‍රමිතීන් ද සකසයි. න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම සහ සාමකාමී භාවිතය සහතික කිරීම සඳහා න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුම (NPT) ද මේ ආයතනය මුල් වී ඇතිකර ගත් එකකි. ජාත්‍යන්තර වශයෙන් න්‍යෂ්ටික තාක්ෂණය අහිතකර ආකාරයට ප්‍රගුණනය නොවන ගිවිසුම් යටතේ සාමාජික රාජ්‍යයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම ද මෙහි වගකීමකි. කෘෂිකර්මය, සෞඛ්‍ය සහ ජල සම්පත් කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල අවශ්‍යතා වෙනුවෙන් න්‍යෂ්ටික බල උත්පාදනය සඳහා සාමාජික රටවලට සහාය වීම මෙහි තවත් කාර්යභාරයකි. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල දියුණුවට අදාළ වන ආකාරයට න්‍යෂ්ටික තාක්‍ෂණය භාවිත කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතාව සහ සහාය ද මේ මගින් සැපයේ. IAEA පාලනය කරනු ලබන්නේ, කාලීන ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සැකසීම සඳහා වාර්ෂිකව රැස්වන එහි සියලුම සාමාජික රටවලින් සමන්විත මහා සම්මේලනයක් මගිනි. මහා සම්මේලනයේ ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීම සහ නියෝජිතායතනයේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු පාලක මණ්ඩලයක් ද IAEA සතුව ඇත. IAEA හි අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ලේකම් කාර්යාලයක් ද පවතින අතර, ඔහු නියෝජිතායතනයේ එදිනෙදා මෙහෙයුම් සඳහා වගකිව යුතුය. න්‍යෂ්ටික බලශක්ති සාමකාමී භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ න්‍යෂ්ටික අවි පැතිරීම වැළැක්වීම සඳහා ගෝලීය ප්‍රයත්නයන්හි දී මෙතෙක් IAEA සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත. මේ සඳහා එහි සාමාජික රටවල්, අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සහ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ IAEA සමීපව කටයුතු කරයි.

Share with Student

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.