1517 දී මාටින් ලූතර් විසින් ප්‍රකාශයට පත් කළ නිබන්ධනයකි. ඒවා රෙපරමාදු ප්‍රතිසංස්කරණයට තුඩු දුන් ප්‍රස්තුතයන් වේ. ජර්මානු දේවධර්මාචාර්යවරයෙකු සහ පූජකයෙකු වූ ලූතර්, රෝමානු කතෝලික සභාව විසින් විසින් නිර්මල කිතු දහම විකෘති කර සිදු කළ දූෂණ පිළිබඳව විවාදයට සහ සාකච්ඡා කිරීමට ආරාධනයක් ලෙස ජර්මනියේ විටන්බර්ග්හි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දොරකඩ අනූපහ නිබන්ධනය පළ කළේය. අනූපහ නිබන්ධන ලතින් භාෂාවෙන් ලියා තිබී ඇත. පව්වලට තාවකාලික දඬුවම්වලින් සමාව ලබා දෙන බවට වූ මතයට අදාළ ගැටළු කිහිපයක් මෙහි මුඛ්‍ය වශයෙන් ඉලක්ක කර තිබේ. ලූතර්ගේ ප්‍රධාන උත්සාහය වූයේ, ඳ සැබෑ බයිබලයේ ඉගැන්වුණු පාපයන් පිළිබඳ පසුතැවිලි වීම සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල පිළිබල මූලධර්මය කතෝලික පල්ලිය විසින් විකෘති කර තිබීමේ ක්‍රියාව යි. ලූතර්ගේ ලේඛන සහ ඉගැන්වීම්, සමකාලීන දූෂිත කතෝලික විකෘතිකිරීම් වලට විරුද්ධ වූ අනෙකුත් ප්‍රතිසංස්කරණවාදීන්ගේ ඉගැන්වීම් සමඟ බොහෝ දුරට සමාන වී ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රධාන ශාඛාවක් වන රෙපරමාදු ආගමේ වර්ධනය සිදු විය. එය රෝමානු කතෝලික පල්ලියට ප්‍රබල අභියෝගයක් වූ අතර අවසානයේ කිතුසමය ඇදහූවන් කණ්ඩායම් දෙකක් වශයෙන් වෙන්වී රෝමානු කතෝලික පල්ලියේ අධිකාරය බිඳී ගියේ ය. මේ නිසා ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් ලෙස අනූපහ නිබන්ධන පළ කිරීම සැලකෙයි. 16 වැනි සියවසේ සහ ඉන් ඔබ්බෙහි යුරෝපයේ ආගමික, සමාජීය සහ සංස්කෘතික භූ දර්ශනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් මේ නිබන්ධනය විසින් ඇති කළේය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.