අධිරාජ්‍යයක් යනු තනි පාලක අධිකාරියක හෝ රාජාණ්ඩුවක් යටතේ පාලනය වන්නකි. සාමාන්‍යයෙන් මෙය බහුවිධ ප්‍රදේශ, හෝ බහුවධ ජාතීන් ආවරණය වන විශාල දේශපාලන ආයතනයක් හෝ රාජ්‍යයකි. අධිරාජ්‍යයක් එහි ප්රසාරනවාදී ස්වභාවය(ව්‍යාප්ත වන ස්වභාවය) මගින් සංලක්ෂිත වේ. (සලකුණු වේ) බොහෝ විට එසේ කරන්නේ ඍජුව ම යුධමය වශයෙන් යටත් කර අත්පත් කර ගැනීම, යටත් විජිතකරණය හෝ විවිධ උපක්‍රම යොදා ඈඳා ගැනීම ආදිය තුළිනි. එසේ සිදු කර එකී පාලන ඒකකය තුළ ඇති ප්‍රදේශ සහ ජනතාව කෙරෙහි අධිරාජ්‍යයේ බලය ක්‍රියාත්මක කිරීමෙනි. තනි පාලකයෙකුට උත්තරීතර බලය හිමිවන රාජාණ්ඩුවල සිට, විවිධ ආයතන හෝ රජයේ ශාඛා අතර බලය බෙදී යන ජනරජ දක්වා අධිරාජ්‍යයන්ට විවිධ ස්වරූප ගත හැකිය. අධිරාජ්‍යයක පාලකයා බොහෝ විට අධිරාජ්‍යයෙකු හෝ අධිරාජිනියක් ලෙස හඳුන්වනු ලබන අතර, කාලීන අවශ්‍යතා, පාලකයාගේ පෞරුෂත්වය සහ එහි පාලන ක්‍රමය මත පදනම්ව, ඔවුන්ට විවිධ බලය සහ අධිකාරී බලය තිබිය හැක. ඉතිහාසය පුරා අධිරාජ්‍යයන් පැවති අතර බොහෝ ප්‍රසිද්ධ අධිරාජ්‍යයන් ලෝක ඉතිහාසයේ හැඩය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත. ඉතිහාසයේ සුප්‍රසිද්ධ අධිරාජ්‍යයන් සඳහා උදාහරණ ලෙස
- රෝම අධිරාජ්‍යය,
- ඔටෝමාන් අධිරාජ්‍යය,
- බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
- මොංගෝලියන් අධිරාජ්‍යය
දැක්විය හැක. මේවා අප අධිරාජ්‍යයන් වශයෙන් සලකන්නේ ඒවායේ පුළුල් භෞමික උරුමය, විවිධ ජන කණ්ඩායම් ඇතුළත් වීම, සුවිශේෂී ආර්ථික හා සංස්කෘතික බලපෑම් පැවතීම. සංකීර්ණ පාලන පද්ධති මගින් මනාව පාලනය වීම වැනි ලක්ෂණ නිසා ය. මේවා පාලනය කළ අධිරාජ්‍යයන් ද විවිධ ආකාරයේ අධිරාජ්‍යවාදී සංකල්ප අනුගමනය කර ඇත, එනම් උපායශීලී යටත් විජිතකරණය, යුධමය වශයෙන් යටත් කර ගැනීම හෝ ආර්ථික ආධිපත්‍යය හරහා ජාතියකට බලපෑම් කිරීම වැනි ප්‍රතිපත්ති ආදිය යි. අධිරාජ්‍යවාදය තුළ විවිධාකාරයේ සූරාකෑම්, අසමානතා හා අසාධාරණය, ප්‍රතිරෝධය සහ ගැටුම් වැනි ප්‍රශ්න ද ඉතිහාසය පුරා උද්ගත වී ඇත. එමෙන් ම මානව ඉතිහාසය පුරා විවිධ අධිරාජ්‍යයන් නැඟී වැටී ඇති බවත්, අධිරාජ්‍යය යන සංකල්පය කාලයත් සමඟ පරිණාමය වූ බවත් සඳහන් කිරීම වටී. අද, “අධිරාජ්‍යය” යන යෙදුම බොහෝ විට භාවිතා කරනුයේ විශාල භූමි ප්‍රදේශ සහ යටත් විජිත සහිත දේශපාලන ආයතනයකට නොව. සමස්ත ලෝකයෙන් සැලකියයුතු ජන කොටසකට කුමන හෝ ආකාරයක බලපෑමක් ඇතිකිරීම හරහා, එකී ජනයා අයත් වන දේශපාලන අධිකාරියට ද වක්‍රව බලපෑම් කළ හැකි බලවේගයන්ට ය. නැතහොත් එවැනි බලවේග ක්‍රියාත්මක කරන, නිර්මාණය කරන, නඩත්තු කරන රාජ්‍යයන්ට ය.