WordPress WooCommerce Themes

අදුරු මහද්වීපය

“අඳුරු මහාද්වීපය” යන යෙදුම ඓතිහාසික වශයෙන් අප්‍රිකා මහද්වීපය හැඳින්වීමට භාවිත කර තිබේ. නමුත් මෙය ශිස්ට සම්පන්න නොවන හා නින්දාසහගත යෙදුමක් නිසා භාවිතයෙන් ඉවත් කළ යෙදුමකි. අප්‍රිකාව අද්භූත, ගුප්ත සහ ශිෂ්ටාචාරගත නොවූ ප්‍රදේශයක් ලෙස නිරූපණය කිරීමට මේ මගින් උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, මෙම යෙදුම යල් පැන ගිය අතර අප්‍රිකාව සහ එහි ජනතාව පිළිබඳ එහි ඇති සෘණාත්මක අර්ථකතනය වැරදි බව නූතන ලෝකය පිළිගෙන තිබේ. “අඳුරු මහාද්වීපය” යන යෙදුම නිර්මාණය කරන ලද්දේ අප්‍රිකාව බොහෝ දුරට නොදන්නා සහ යුරෝපීය බලවතුන් විසින් ගවේෂණය නොකළ යටත් විජිත යුගයේදී ය. යුරෝපීය ගවේෂකයන් සහ යටත් විජිතවාදීන් අප්‍රිකාවේ භූගෝල විද්‍යාව, සංස්කෘතීන් සහ මිනිසුන් පිළිබඳ ඔවුන්ගේ සීමිත දැනුම හේතුවෙන් අප්‍රිකාව “අඳුරු මහාද්වීපය” ලෙස බොහෝ විට හැඳින්වූහ. යුරෝපීය සංස්කෘතීන් අප්‍රිකානු හා ලොව සෙසු සංස්කෘතීන්ට වඩා උසස් ලෙස සලකා, එනම් යුරෝ කේන්ද්‍රීය දෘෂ්ටියක් තුළින් විමසා බලා, අප්‍රිකාව භූමියක් වශයෙන් අනතුරුදායක, ශිෂ්ටාචාරයක් වශයෙන් පසුගාමී සහ ප්‍රාථමික බව පෙන්වීම මෙම යෙදුමේ අරමුණ වන්නට ඇත. අද, “අඳුරු මහාද්වීපය” යන යෙදුම නුසුදුසු සහ අහිතකර ලෙස සැලකේ. එය යුරෝපයෙන් පරිබාහිර ශිෂ්ටාචාර හෙලාදැකීමේ නූගත්කම සහ ජාතිවාදය මත පදනම් වූ යටත් විජිත යුගයේ ආකල්ප පිළිබිඹු කරන්නකි. අප්‍රිකාව යනු පොහොසත් හා අභිමානවත් ඉතිහාසයක්, විවිධ සංස්කෘතීන් නිසා විචිත්‍ර වූ මහද්වීපයකි. එමෙන් ම පාරිසරික මා මානව අභියෝග සහිත සංකීර්ණ විවිධත්වයක් සහිත මහාද්වීපයකි. අප්‍රිකාව හැඳින්වීමට “අඳුරු මහාද්වීපය” වැනි නින්දිත යෙදුම් භාවිතා කිරීම අගෞරවයකි. අප්‍රිකාව හෝ ලෝකයේ වෙනත් ඕනෑම ප්‍රදේශයක් ගැන සඳහන් කිරීමේදී, ගෞරවනීය සහ නිවැරදි භාෂාවක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ. විවිධ සංස්කෘතීන් සහ ජනයා පිළිබඳ අවබෝධය, සහ ගෞරවය වඩන වදන් හා යෙදුම් වඩාත් යෝග්‍ය වන අතර “අඳුරු මහාද්වීපය” වැනි යල් පැන ගිය සහ අහිතකර යෙදුම් ඉවත් කළ යුතුය. අප්‍රිකාව හෝ වෙනත් ඕනෑම කලාපයක් පිළිබඳ සියුම් සංවේදී බවත්, ඒ ඒ ජන කොටස් පිළිබඳ  ගෞරවයත් සිතෙහි දරාගෙන ඒ ඒ ප්‍රදේශ වලට ප්‍රවේශ වීම ඉතා වැදගත් වේ.

Share with Student

 

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.