කෝසල

උතුරු ඉන්දීය රාජාණ්ඩුවකි. ක්‍රිස්තු පූර්වයෙන් 6වන සියවසේ පමණ ආරම්භ වී මගධයේ ආධිපත්‍යයට නතුවන තුරු ම සියවස් දෙකක් පමණ පැවතුණි. උතුරු හා දකුණු කෝසලය ලෙස කොටස් දෙක විය. නමුත් පාලනය වූයේ එක් රජෙකු යටතේ නිසා එක් රාජ්‍යයක් සේ සැලකේ. කුසාවතිය සා සාවත්තිය(ශ්‍රාවස්ථිය) අගනුවර දෙක විය. ප්‍රසේනජිත් කොසොල් රජු යටතේ ප්‍රබල රාජ්‍යයක් වශයෙන් වර්ධනය විය.