WordPress WooCommerce Themes

ඉන්දීය රාජවංශ හා පාලන මධ්‍යස්ථාන/අගනගර/රාජ්‍ය ආදිය

  • කාකටිය වරු – වරංගල් මුල්කරගෙන වාසය කරඇත.
  • කාන්ව – ප්‍රතිෂ්ඨාන්
  • ගුර්ජර – රාජ්පුතානා
  • ගෞඩවරු – බෙංගාලය
  • චන්දෙල්ල – බුන්දල්ඛාණ්ඩ් මුල්කරගන වාසය කර ඇත.
  • චාලුක්‍යයෝ – මොවුන් කොටස් 3ක් හඳුනාගත හැක. බදාමිය හෙවත් වාතාපිය මුල්කරගෙන වාසය කළ බටහිර චාලුක්‍යයෝ, වෙංගිය මුල් කරගත් නැගෙනහිර චාලුක්‍යයෝ මුල් කාලීනව සිටි අතර, පසුව තෛල නමැත්තා කල්‍යාණිය මුල්කරගත් කල්‍යාණි චාලුක්‍ය රාජ්‍යයක් ද ආරම්භ කළේ ය.
  • චේදි වරු – කාලිංගයේ වාසය කර ඇත.
  • චෝළයෝ – තංජෝරය අගනුවර කරගෙන වාසය කර ඇත.
  • තෝමාර වරු – උතුරු ඉන්දියාවේ හිමාලාසන්නයේ විසූ ජාතියකි.දිල්ලියේ විසුවේ යැයි ද මතයකි.
  • පරමාරවරු – මාල්වාහි විසූ වංශයකි.
  • පල්ලවයෝ – කාංචිය මුල්කරගෙන විසූහ.
  • පාණ්ඩ්‍යයෝ – මදුරෙයි අගනුවර කරගෙන විසූහ.
  • පාල වරු – බෙංගාලය මුල්කරගෙන වාසය කර ඇත.
  • පුෂ්‍යභූතිවරු – ථානේෂ්වරයේ වාසය කර ඇත.
  • මෛත්‍රකයෝ – වලභිය මුල්කරගෙන වාසය කර ඇත.
  • මෞකරීවරු – කනෞජය මුල්කරගෙන වාසය කර ඇත.
  • යාදව-දේවගිරියේ විසූහ.
  • රාෂ්ට්‍රකූට-මාන්‍යකේත අගනුවර කරගත්හ.
  • සාතවාහනයෝ – ප්‍රතිෂ්ඨානය(පයිතාන්) අගනුවර කරගෙන විසූහ.(කාන්වයින්ට පසු)
  • හොයිසාලයෝ – ද්වාරසමුද්‍රය.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.