පැරණි ඉන්දීය පාලන ක්‍රම තුළ හමුවන තනතුරු නාම

  • ගණපති – සමූහාණ්ඩුවක පාලක මණ්ඩල සභික(ඍග් වෛදික)
  • ජ්‍යේෂ්ඨ – සමූහාණ්ඩුවක පාලක මණ්ඩල සභික(ඍග් වෛදික)
  • සාම්රාට් – ප්‍රබල ගෝත්‍රයක පාලකයා(ඍග් වෛදික)
  • විශ්වෂ්‍ය භුවනෂ්‍ය රාජා – ප්‍රබල ගෝත්‍රයක පාලකයා(ඍග් වෛදික)
  • චර – චරපුරුෂයා(ඍග් වෛදික)
  • ස්පාෂ – චරපුරුෂයා(ඍග් වෛදික)
  • දූත – චරපුරුෂයින්ට තොරතුරු සැපයූ පුද්ගලයා(ඍග් වෛදික)
  • කුලපා – පවුලේ ප්‍රධානියා(ගෘහපති) (ඍග් වෛදික)
  • සේනාපති – හමුදා නායක/සේනා පාලක
  • ශුල්ක අධ්‍යක්ෂ – රේගු අයකැමි
  • සන්නිධාති පාදමූලික පුරුෂ – භාණ්‌ඩාගාරික
  • සමාහර්තා – ප්‍රධාන අයකැමි/රාජ්‍ය ආදායම් පාලක
  • සාර්ථවාහ- ප්‍රධාන වෙළඳ නායක
  • අන්තර්වංශික/අන්තර්වසික – අත්තපුර පාලක
  • දුර්ගපාල – බලකොටු භාර නිලධාරීයා
  • අන්තපාල – රාජ්‍ය සීමා ආරක්‍ෂකයා
  • නාගරික – නගරාරක්ෂක
  • මහා දණ්ඩනායක-ප්‍රධාන සේනාධිපති