වයඹදිග ඉන්දියාවේ මහා ගංගාවක් වන සින්ධු නදියේ ප්‍රධාන අතුගංගා 7 සහ ඉන් පෝෂණය වන ප්‍රදේශය මේ නමින් හඳුන්වා ඇත. නමුත් පසුකාලීනව තාර් තාන්තාරය ව්‍යාප්ත වීමේ දී මේ ගංගා අතරින් දෙකක් සිඳි ගියෙන් පංජාබ් යන නම ඇති විය. එහි අරුත ගංගා පහේ තැන්න යන්න යි.
- ඣෙලම්
- රාවි
- සත්ලෙජ්
- චෙනබ්
- බියස්
- සරස්වතී(සිඳීගිය)
- දෘෂද්වතී(සිඳීගිය)