ස්ට්‍රාබෝ

රෝමානු ලේඛකයෙකි.වෙළෙන්දන්ට අමතරව ශාස්ත්‍රකාරයෝ, ඉන්ද්‍රජාලිකයෝ, වෛශ්‍යාවෝ, ශ්‍රමණයෝ පවා රෝමයට ගියේ යැයි ඔහු ලියා තිබේ. ඔගස්ටස් බැහැදැකීමට ගිය ශර්මනෝචේගස් නම් ශ්‍රමණයෙකු ලෞකික බැඳීම් පිළිබඳ කලකිරී ඇතැන්සයේ දී ගින්නට පැන දිවිනසාගත්තේ යැයි ද ඔහු සඳහන් කර තිබේ.(බෂාම් – 297)