ෆාහියන් හිමි

චීන ජාතික සංචාරක භික්ෂූන් වහන්සේ නමකි. පස්වන සියවසේ ඉන්දියාවේ සංචාරය කර ඇත. ථෙරවාද ග්‍රන්ථ සොයා ඉන්දියාවටත් ලංකාවටත් පැමිණ ඇත. පුරුෂපුරයේ පස් මහල් ධාතු මන්දිරය හා බුද්ධ ප්‍රතිමාවක් ගැන සඳහන් කරයි. වයස අවුරුදු 64 දී චීනයෙන් පිටත් වී අති භයානක ගෝබී කාන්තාරයත් අධික හිමපතනයන් සහිත කඳුවැටි ආදියත් පසුකරමින් පුරා සය වසරක් පා ගමනින් පැමිණ ඉන්දියාවට පිවිසි උන්වහන්සේ ඉන්දියාවේ සය වසරක් හිඳ විනයපිටකයේ පිටපතක් සෙවූ හ. නමුත් නොලැබුණි. පසුව ලංකාවට වැඩම කළ උන්වහන්සේට විනය පිටකය ලැබුණි. එය සහ තවත් පොත් ගණනාවක් ද රැගෙන මුහුදු මාර්ගයෙන් චීනයට යාමට පිටත් විය. අතරමගදී විවිධ බාධා ඇතිවූයෙන් ඒ සඳහා දෙවසරක් පමණ ගත විය. නමුත් වයස අවුරුදු 79ක් සපුරා සිටිය දී යළි සිය මව්බිමට යෑමට උන්වහන්සේ සමත් විය. වයස අවුරුදු 89 දී උන්වහස්සේ අපවත් වූහ. උන්වහස්සේ සිය සංචාරක අත්දැකීම් පදනම් කරගනිමින් ‘බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය’ නමින් කෘතියක් කළ අතර එය පාහියන්ගේ දේශාටන වාර්තාව නමින් සිංහලයට නැඟී තිබේ.