ශක ක්ෂත්‍රප කාසි

ඉන්දීය ඉතිහාසයට වැදගත් මූලාහ්‍රය විශේෂයකි. ගුජරාටය හා කාතියවාරය පාලනය කළ ශක ක්ශත්‍රපවරුන් නිකුත් කළ කාසි මෙ නමින් හැඳින්වේ. තුන් සියවසක් මේ ප්‍රදේශ පාලනය කළ මේ රජවරුන් අතරින් සමහරෙක් නිකුත් කළ කාසි වල ඔහු ගේ නම ද, පියාගේ නම ද, රාජවර්ෂය ද සඳහන් කොට ඇත. මේ කාසි අතිශය වැදගත් වන්නේ ද ඒ නිසාය.