රත්නාවලී

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. ශ්‍රී හර්ෂයන්ගේ(හර්ෂවර්ධන රජු) කෘතියකි. නාට්‍ය ග්‍රන්ථයකි. වත්ස රාජ්‍යයේ උදයන රජු කතා නායකයා වශයෙන් ගෙන ලියා තිබේ. රජුගේ අගමැතිවරයා වික්‍රමබාහු නමැති සිංහල රජුගේ රත්නාවලී නම් දියණිය උදයන රජුට ආවාහ කරදීමට ගන්නා උත්සාහයත්, රජුගේ බිසව වූ වාසවදත්තා මේ සිදුවීමට මුහුණදෙන ආකාරයත් පිළිබඳ නාට්‍යයකි.