වංසත්ථප්පකාසිනිය වනාහි මහාවංසයට ලියූ ටීකාවයි. මෙම කෘතිය ක‍්‍රි. ව. 8-11 සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි විශ්වාස කෙරේ. මහානාම නම් හිමි නමකගේ ම කෘතියක් වුව ද ඒ මහාවංසය ලියූ හිමියෝ ම නොවේ. ලංකා ඉතිහාසයට සහ ඉන්දීය ඉතිහාසයට අයත්, එහෙත් මහාවංසයේ දක්නට නොලැබෙන තොරතුරු රැසක් ද අන්තර්ගතය. මහාවංසයේ විස්තරාත්මකව නොදක්වන කරුණු බොහොමයක් මෙහි විස්තරාත්මකව දක්වා තිබේ. පණ්ඩුකාභය රජු දවස සම්බන්ධයෙන් මහාවංසයේ විස්තර කෙරෙන සිවිකාසාලා හා සොත්ථිසාලා යන ගොඩනැගිලි හඳුනා ගැනීමට වංසත්ථප්පකාසිනියේ එන තොරතුරු අතිශය වැදගත්ය. දේවානම්පියතිස්ස රජ දවස ලංකාව හා ඉන්දියාව අතර පැවති සබඳතා පිළිබඳ අතිමහත් තොරතුරු ප‍්‍රමාණයක් වංසත්ථප්පකාසිනියේ සඳහන්ය. දේවානම්පියතිස්ස රජුගේ පුනරාභිෂේකය(ද්විතියීය අභිෂේකය) පිළිබඳව වෙනත් මූලාශ‍්‍රවල සඳහන් නොවන තොරතුරු රැසක් වංසත්ථප්පකාසිනියේ සඳහන් වේ. තාවකාලිකව කිරුළ අහිමිව වළගම්බා රජු වනගතව ජීවත් වූ කාලය පිළිබඳව නිවැරදි යැයි පිළිගත හැකි තොරතුරු වැඩි ප‍්‍රමාණයක් ද වංසත්ථප්පකාසිනිසේ ඇතුළත්ය. ටීකා සම්ප‍්‍රදාය ආරක්ෂා කරමින් සරළ ගද්‍යයෙන් ලියා ඇත. වංසත්ථප්පකාසිනියට අනුව වළගම්බා රජු වනගතව සිටි කාලය අවුරුදු 14ක් හා මාස 7කි. වංසත්ථප්පකාසිනියට අනුව සිවිකාසාලා යනු සිවලිංගය තබන ලද දේවාලය හෝ මාතෘ නිවාසයයි. වංසත්ථප්පකාසිනියට අනුව සොත්ථිසාලා යනු බමුණන් වේදය හදාරණ ශාලාව හෝ ආරෝග්‍ය ශාලාවයි.