මස්කි

දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ නදියට තරමක් සමීපව පිහිටි ස්ථානයකි. ඓතිහාසික වැදගත්කමක් සහිත වේ. මෙම ස්ථානයෙන් අශෝක රජුට අයත් කුඩා ගිරි ලිපියක් හමු වී ඇත. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ මෙතෙක් සිටි දෙවිවරු නරයන් ඇසුරු නොකළ ද දැන් ධර්මය ප්‍රචලිත වී ඇති නිසා දෙවිවරු පෘථීවියට සැපත් වී නරයන් ඇසුරු කරන බවයි. සෞභාග්‍යවත් යුගයක් උදා වී ඇති බවයි.