පන්ජාබය හා වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කර එම ප්‍රදේශ පාලනය කළ බැක්ට්රියන් ග්‍රීකයෝ නිකුත් කළ කාසි මේ නමින් හැඳින් වේ. රන්, රිදී හා තඹ වලින් මෙම කාසි නිකුත් කර තිබේ. මේවායේ දෙවිවරුන්ගේ හා රජවරුන්ගේ රූ ඇතුළත් වේ. කාසි ග්‍රීක නිර්මාණ ශෛලියට අනුව අච්චු ගසා ඇත. කාසියේ දෙ පැත්තේ රජුගේ නම හා රුව යොදා කාසි නිකුක් කිරීමේ පුරුද්ද ඉන්දීය රජවරුන් තුළ ඇති වූයේ මෙයින් පසු යැයි විශ්වාස කෙරේ. ශත වර්ෂ දෙකකට අධික කාලයක් වයඹදිග ඉන්දියාව පාලනය කළ බැක්ට්රියන් ග්‍රීක රජවරුන් තිස්දෙනෙකු පිළිබඳව තොරතුරු ගවේෂණය කළ හැකි එකම මාර්ගය වන්නේ ද මෙම කාසි ම පමණි. මෙයින් රජවරුන් කිහිප දෙනෙකු පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් වෙතත්, ඔවුන්ගේ ඓතිහාසිකත්වය සනාථ වන්නේ මෙම මූලාශ්‍ර වලිනි.