පුරාණ

ඉන්දීය ඉතිහාසය අලලා ගුප්ත යුගයේ දී ලියැවුණු ග්‍රන්ථ විශේෂයකි. ග්‍රන්ථ මාලාවකි. ගණනින් දහ අටකි. ඉතිහාසඥයන්ගේ මතය අනුව මෙය ඉන්දීය ඉතිහාසය ලිවීමට ගත් අසාර්ථක උත්සාහයකි. ඊට හෙතුව මෙම කෘති වල කතුවරු ඓතිහාසික සිද්ධිල මානව ඉතිහාසය ආදිය පිළිබඳව සටහන් කිරීමට වඩා දේව නිර්මාණවාදය, මනඃකල්පිත සිද්ධි ආදිය විස්තර කිරීමට යොමු වී තිබීමයි. එම කරුණු විස්තර කිරීමේ දී ඒවා ‘අනාගත වාක්‍ය’ ස්වරූපයෙන් ලියා ඇත්තේ දේව වාක්‍ය බව පෙන්වීමටය. මගධයේ රජ කළ හර්යංක, නන්ද, මෞර්ය වැනි රාජ වංශ පිළිබඳව විස්තර සපයා ඇතත් ඒවා නිරවුල් නොවේ.