පාහියන්

චීන දේශාටක හිමි නමකි. ආගමික අවශ්‍යතාවක් පිණිස(විනය පිටකය ලබාගනු පිණිස) ක්‍රි. ව. 5වන සියවසේ දී  මධ්‍ය ආසියාව හරහා අති දුෂ්කර පා ගමනක යෙදී ඉන්දියාවටත්(දෙවන චන්ද්‍රගුප්ත නම් ගුප්ත රජ දවස), එතැනින් ලංකාවටත්(මහානාම රජ දවස) පැමිණි හිමි නමකි. උන්වහන්සේගේ දේශාටන වාර්තාව ඉන්දියාවේ හා ලංකාවේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී අතිශය වැදගත් ය. තම සංචාරයේ දී දුටු දේ ඇතුළත් කර ‘බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය’ නමින් උන්වහනසේ ලියූ කෘතිය ලංකාවේ දී පාහියන්ගේ දේශාටනවාර්තාව නමින් පල වී තිබේ.