නාසික්

ඉන්දියාවේ ස්ථාන නාමයකි. ලෙන් විහාරයක් පිහිටා ඇති ස්ථානයකි.   සාතවාහනයින් ඩෙකානයේ වයඹදිග කොටසේ සිය බලය වර්ධනය කර ගන්නේ නාසික් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි. මෙම ප්‍රදේශයෙන් ලැබුණු වශිෂ්ඨි පුත්‍ර පුළුමායි රජුට අයත් ලෙන් ලිපියක සාතවාහන පරපුරට අයත් රජවරුන් කිහිපදෙනෙකු ගේ නම් හමුවී ඇත. ශක පාලකයන් විසින්  පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක් මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. පන්සලකට කළ මූල්‍යමය පරිත්‍යාගයක් පිළිබඳව එහි සඳහන් වේ. ශක පාලක නහපාන ට අයත් කාසි ද මෙම ප්‍රදේශයෙන් ලැබී ඇත.