WordPress WooCommerce Themes

ජාතක කතා

බෞද්ධ සාහිත්‍යයට අයත් කතා වෙසෙසකි. මනෝවිද්‍යාත්මක මූලධර්ම පදනම් කර ගනිමින්, බුදුන් වහන්සේගේ පූර්ව භවයන් ඇසුරෙන් නිර්මාණය කළ උපදේශ කතා වෙසෙසකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේදී ද වැදගත් වේ. මෙවායේ විශේෂත්වය වන්නේ සරලව තේරුම් ගැනීමට මෙන් ම ගැඹුරින් සිතීමට ද හැකි ආකාරයට නිර්මාණය වී තිබීම යි. මේවා පූර්ණ වශයෙන් බුද්ධ භාෂිත නොවන බව විචාරක මතය යි. නමුත් බුදුරදුන් දේශනා කළ කාරණා පදනම් කරගනිමින් ලියැවී තිබේ. ජාතකකතා  සඳහා අපගේ පුස්තකාලය බලන්න.

 

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.