WordPress WooCommerce Themes

කල්හණ

ඉන්දීය ලේඛකයෙකි. කාශ්මීර ඉතිහාසය සඳහන් වන රාජතරංගණී නම් කෘතියේ කතුවරයාය. ඔහු මෙම කෘතිය රචනා කලේ ක්‍රි. ව. 1149 – 1150 අතර කාලයේය. කාශ්මීරයේ ඉතිහාසය සටහන් කර තැබීම ඔහුගේ පරමාර්ථය විය. ඉතිහාසය සටහන් කිරීමේ දී ජාතික, ආගමික හෝ වෙනත් ආකාරයක රාගද්වේෂ ආදී වූ දුර්ගුණයන්ගෙන් හැකි තරම් විනිර්මුක්ත විය යුතු යැයි හෙතෙම කියා සිටියේ ය. එම හැඟීමෙන් ඉතිහාසය රචනා කරන්නා ප්‍රශංසාගර්භ බවත් ඔහු ම ප්‍රජාපතී වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. (ග්ලාස්‍ය ස ඒව ගුණවාන් රාගද්වේශ බහිෂ්කෘතා – භූතාර්ථ කථනෙ යස්‍ය සහිරව ප්‍රජාපතී.) ඔහුගේ කෘතිය ලංකාවේ මහාවංසය සේ ම, පසුකාලීනව ඔහුගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර විසින් අඛණ්ඩව පවත්වාගෙන යෑමට උත්සාහ කළ ද සාර්ථක නොවී ය.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.