WordPress WooCommerce Themes

ඍතුසංහාර

මහා කවි කාලිදාසයන් විසින් ගුප්ත යුගයේ දී රචනා කරන ලද කෘතියකි.

පෙරදිග සෞන්දර්යවාදී සංකල්පයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව කාලිදාසයන්ගේ සෘතුසංහාර කාව්‍යය අධ්‍යයනය තුළින් හෙළි වෙයි. මිනිසා හා සොබාදහම අතර පවත්නා අත්‍යන්ත සම්බන්ධය කාලිදාසයන්ගේ ඍතුසංහාර කාව්‍යයෙන් මනා ලෙස පෙනී යයි. ලංකාවට එතරම් තදින් බලපෑම් නැතත් ඍතු භේදය විසින් ලෝකය විටින් විට නැවුම්භාවයට පත්කරයි. ගිම්හාන, වස්සාන , සරත්‌, හේමන්ත, සිසිර, වසන්ත ආදී සෘතු පිළිබඳ කරනු ලබන අපූර්ව හා සෞන්දර්යාත්මක වර්ණනා සෘතුසංහාර කාව්‍යයට පාදක වී තිබේ. අපරදිග සෞන්දර්යවාදී නිර්මාණයන්ට වඩා බොහෝ කලකට පෙර නිර්මාණය වූ මේ පෙරදිග මහා කාව්‍යය රස විඳින්නට ඔබට හැකි නම් එහි ඇති සරල මතුපිට සුන්දරත්වය හා ගැඹුර ද මැනවින් අවබෝධ වනු ඇත.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.