ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා මූලාශ්‍රයකි. ගීතිකා සංග්‍රහයකි. වෛදික සාහිත්‍යයට අයත් පැරණිත ම සංහිතාවයි. මණ්ඩල දහයකින්(10) හා ගීතිකා එක් දහස් විසි අටකින්(1028) කින් සමන්විතය. අෂ්ටක වශයෙන් අටකි. සංචාරක එඬේර දිවියක් ගත කළ ආර්යයන් ස්ථාවර තැම්පත් දිවියකට හැඩගැසුණු ආකාරය අවබෝධ කර ගැනීමට මෙම සාහිත්‍ය කෘතිය වැදගත් වේ. නා නා දේවතාවන් ස්තුති වශයෙන් රචිත ගීතිකා හෙවත් මන්ත්‍ර මෙහි දක්නට ලැබේ. මෙහි එන සමාජය පන්ජාබය මුල් කරගනිමින් වාසය කළ ජන පිරිසකගෙන් සැදුනකි. එහෙත් පංජාබය යන්න වෙනුවට මෙහි සඳහන් වන්නේ ‘සප්ත සින්ධවඃ’ යන වදනයි. අනාර්ය ගෝත්‍රිකයන් සමග ගැටෙමින් ක්‍රමයෙන් ගංගා නදී නිම්න ප්‍රදේශයට ගමන් කළ මොවුන් සමුදුර පිළිබඳව එතරම් දුරට දැන නොසිටි බව හෙළි වේ. සප්ත සින්ධු ප්‍රදේශයේ ජීවිතය පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකි මුත් පසු කාලීන තොරතුරු අල්පය. ඊට අනුව මොවුන් සප්ත සින්ධු හි මනාව සෙවිලි කළ ආරක්ෂිත ගෘහයන්හි වාසය කළ අතර පශු පාලනය ප්‍රධාන ජීවිකාව කර ගත්හ. ගවයන්, අසුන්, එළුවන් හා බැටළුවන් රැකදෙන ලෙස ඉන්ද්‍රාදී දෙවි වරුන්ගෙන් ඉල්ලා සිටීමෙන් ම මේ බව සනාථ වේ. යුධ කටයුතු හෝ පරිවහන කටයුතු සඳහා අශ්වයන් යොදා ගත් බව ද ඉන් හෙළි වේ. සුරා පානය, සෝම පානය පිළිබඳව ද නිතර සඳහන් වේ. වඩු වැඩ, සම් වැඩ, යකඩ වැඩ, කුඹල් වැඩ, රෙදි වියමන, පැදුරු විවීම වැනි දෛනික කාර්යයන්හි ද නිරත වී සිට ඇත. වෙළඳ කටයුතු සිදු කෙරුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට ය. බොහෝ විට මෙම කෘතිය ඍෂි වරුන් විසින් මුඛ පරම්පරා ක්‍රමයට පවත්වාගෙන එන ලදුව ක්‍රි. ව. 1 – 4 සියවස් අතර කාලයේ ග්‍රන්ථාරූඪ ගත කරන්නට ඇතැ’යි සැලකේ. එහෙත් භාෂා ලක්ෂණ අනුව මෙය ක්‍රි. ව. 1000ට වඩා පැරණි කාලයට අයත් නොවේ. එ මෙන් ම මෙය අයිරේනියානු ආවෙස්ථා කෘතියේ භාෂා ලක්ෂණ වලට සමාන ය. ආවෙස්ථා කෘතිය ද ක්‍රි. ව. 1000ට පමණ අයත් වේ යැයි පිළිගැනී ඇත. වත්මන් හින්දු නිවාස වල ගායනා කරන ගායත්‍රි මන්ත්‍රය ද ඍග් වේදයේ ඇතුළත් වන්නකි. ඍග් වේදයේ 2-7 මණ්ඩල වලින් ස්තෝත්‍ර ගීතිකා ආදියත් ඍග් පවුල් වල පුරාවෘත්ත ආදියත් දක්වෙන අතර, 8 වැන් මණ්ඩලයේ කාන්ව හා අංගීරස පවුල් පිළිබඳ විස්තර වලට වෙන් කර ඇත.9 වැනි මණ්ඩලයේ සෝම පූජාව පිළිබඳ සඳහන් වන අතර, 10 වැනි හෙවත් නූතන ම මණ්ඩලයේ ලෝකෝත්පත්ති දර්ශනය, ගෘහස්ථ චාරිත්‍ර ආදිය සඳහන් කර තිබේ. ඍග් වේදයේ මණ්ඩල බෙදීමේ දී (1)පුදනු ලබන දෙවියා, (2)වෘත්තය, ඡන්දස හෝ මාත්‍රාව, (3) ගී සංඛ්‍යාව යන සාධක සලකා බලා ඇත.