උපනිෂද්

වේද සාහිත්‍යයේ ප්‍රධාන කොටස් තුන වන සංහිතා, බ්‍රාහ්මණ හා ආරණ්‍යක යන ඒවායින් බ්‍රාහ්මණ කෘතීන්හි පරිවාර ග්‍රන්ථ විශේෂයක් මේ නමින් හැඳින්වේ.ඒක් ග්‍රන්ථයක් නොව ග්‍රන්ථ සමූහයකි.  ආරණ්‍යක ග්‍රන්ථ වලට ලියූ නිගමන කාණ්ඩ ලෙස යැයි ද ගුරුවරයා උපනිශ්‍රයෙහි හෙවත් ඇසුරෙහි, සමීපයෙහි හිඳිමින් උගතයුතු රහස් ධර්ම කරුණු ඇතුළත් මේ කෘති වෛදික සාහිත්‍යයේ අවසන් කොටස නිසා වේදාන්ත ලෙස ද හඳුන්වයි. ඓතරේය උපනිෂදය හා කෞෂිතිකී බෘහදාරණ්‍යක, චන්දෝග්‍ය, කෝණ යනු පැරණිතම උපනිෂද් ග්‍රන්ථයන් ය. මෙම කෘති වල ප්‍රකෘති හෙවත් භෞතික තත්ත්වය, ආත්මය හා බ්‍රහ්මන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරේ. ප්‍රථම වරට පුනරුත්පත්තිය හා කර්මවාදය පිළිබඳව කරුණු සඳහන් වන්නේ ද උපනිශද් ග්‍රන්ථවල ය. වෛදික යාඥා විධි විවේචනයට ලක් කරන උපනිශද් ග්‍රන්ථ විසින් බ්‍රහ්මන් හා සමවායගත වීම උදෙසා වන කර්ම සහ ඥාන මාර්ග දෙක කෙරේ අවධානය යොමු කරවයි. ආර්යයන් ආගමික හා දාර්ශනික වශයෙන් මුහුකුරා යත්ම මූලික රාජ්‍ය බිහි කරමින් ගංගා යමුනා තැනිතලාවේ පැතිර යාම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථ විශේෂය වැදගත් ය. වික්ටර් නිට්ස් පඬිතුමා කියන්නේ උපනිශද් 200ක් ඇත කියාය. එහෙත් දාස් ගුප්තාට අනුව 112කි. රාධක්‍රිෂ්ණට අනුව 108කි.