වෛදික සාහිත්‍යයේ ප්‍රධාන කොටස් තුනෙන් එකකි.(සංහිතා, බ්‍රාහ්මණ, ආරණයක)කෘති සමූහයකි. මෙම කෘති වලින් අවධානය යොමු කර ඇත්තේ දෙවියන්, ආත්මය, ලෝකය හා මිනිසා අවබෝධ කර ගැනීම කෙරෙහිය. මේ නිසා මෙම කෘති ගුප්ත දේ හා දර්ශනය පිළිබඳ කරුණු වලින් යුක්තය. ආරණ්‍ය වලදී උගතයුතු රහස් ධර්මය, සත්‍ය ගවේෂණය පිණිස අනුගමනය කළයුතු චින්තන විධීන් මේවායේ අන්තර්ගතය. සමාජ චාරිත්‍ර ආදියෙන් බැහැරව ආත්මය පිරිසිදු කරගනිමින් එම චින්තන විධි අනුගමනය කළ යුතුය. මෙය ගිහිගෙය හැර තාපස ව්‍රතයට පිළිපන් අයට අදාළ කෘතියකි. යාගහෝම නොව ආධ්‍යාත්මික පාරිශුද්ධිය අගය කළ මේ කෘති ගූඪ දාර්ශනික අගයකින් යුතුය. මේවා බ්‍රාහ්මණ ග්‍රන්ථ වල අවසාන කොටස් සේ ද පිළිගැනේ. යාග කළ නොහැකි මහල්ලන් උදෙසා මේවායේ ධර්ම කරුණුු ඇතුළත් කර ඇත.