අථර්ව වේදය

අථර්වන් වේදය. වේද ග්‍රන්ථයකි. වාසනාව උදා කරන ඉන්ද්‍රජාලය යන අරුත අථර්ව යන්නෙන් ගම්‍ය වේ. ගීතිකා 731කි. මණ්ඩල 20කි. පද්‍ය 6000කි. මෙම කෘතියේ සමස්ත අරමුණ නම් යක්ෂ, ප්‍රේත, පිසාච ආදී අමනුෂ්‍යයන් සතුටුකොට, මිතුරන්ට ආශිර්වාද කොට, සතුරන්ට ශාප කිරීම යි. වෛදික රජවරුන් පත් කිරීම පිළිබඳ තොරතුරු ද, සංග්‍රාම වල දී රජවරුන්ට ජය ගෙන දෙන ආකාරයේ හා සේනා දිරිගන්වන ආකාරයේ යන්ත්‍ර මන්ත්‍ර ආදිය ඇතුළත් වන නිසා මෙහි ඓතිහාසික අගයක් ද ඇත්තේය. මීට අමතරව මෙහි විවිධ බ්‍රාහ්මණ පවුල් ගැන ද තොරතුරු ඇතුළත් වේ. ආර්යන් උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට විහිදී ගිය ආකාරයත්, ඍග්වේද සමාජයේ පැවති බහුදේවවාදය සර්වේශ්වරවාදය දක්වා වෙනස් වූ ආකාරයත් මෙහි සඳහන් වේ.  මගධය පිළිබඳව පළමුව සඳහන් වන්නේ ද අථර්වන් වේදයේ ය. ඍග් වේදයේ නොදැක්වෙන අංග නම් කොටසක් පිළිබඳව ද අථර්වන් වේදයේ සඳහන් වේ. මොවුන් සෝන් හා ගංගා නදී තීර වල පදිංචිව සිටියහ.