අජන්තාවේ සිතුවම්(උසස් පෙළ ඉතිහාසය විෂයය වෙනුවෙන් සටහනකි)

භාරතයේ සුප්‍රකට ලෙන් විහාර සංකීර්ණයක් වන අජන්තා ලෙන්හි ඇඳ ඇති සිතුවම් ය. දානය ශීලය ආදී යහපත් බෞද්ධ ගුණධර්ම පිළිබඳ උදාහරණ සිත්තම් සැපයීමෙන් ඒවා දකින නරඹන මහජනතාව යහපතට යොමු කිරීම අජන්තා චිත්‍ර ශිල්පීන්ගේ අරමුණ වී ඇතැයි සිතේ. එම නිසා බෝධිසත්ව

චරිතය හා බුද්ධ චරිතයට සම්බන්ධ තේමාවන් මෙම සිත්තම් සඳහා පාදක වී ඇත. නමුත් මේ අතර ලංකා ඉතිහාසය පිළිබඳ සිතුවම් ද ඇත්තේ ය. විජයාවතරණය සිතුවම ඉන් එකකි.

වැඩිදුර විස්තර –  අජන්තාව ඇතැම් තැනෙක අජන්ටා යනුවෙන් ද හඳුන්වා තිබේ. මෙය සුවිශේෂී කඳුවැටියක්

සහිත ව ඉන්දියාවේ වයඹදිග හයිදරාබාද් ප්‍රදේශයේ පිහිටි ග්‍රාමයකි.  (උතුරු අක්‍ෂාංශ 20º.32’ නැගෙනහිර දේශාංශ 75º.48’) සහ්‍යාද්‍රි පර්වත නාමය ද ලැබූ කඳුවැටිය සුවිශේෂී වන්නේ ලෝප්‍රකට බෞද්ධ ලෙන් විහාර සංකීර්ණය පිහිටා ඇති නිසාවෙනි. බොම්බායේ සිට මේ ග්‍රාමයට ඇති දුර සැතපුම් 300කි. (480 Km) අවුරංගබාද් සිට සැතපුම් 65කි.( 105 Km) අජන්තාවේ පුරාණ නගර භූමියට සැතපුම් 5ක් පමණ උතුරින් අජන්තා ලෙන් පෙළ පිහිටා ඇත.

වැඩිදුර කියවන්න