බෞද්ධ සූත්‍රයකි. දීඝනිකායට අයත්ය. මනුෂ්‍ය ජාතිය අතර තමන් උසස් යැයි බ්‍රාහ්මණයන් අතර තිබූ මතයේ සත්‍යාසත්‍යතාව, පැහැදිලි කිරීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මෙය දේශනා කරන සමය වන විට බුදුරදුන් වැඩසිටියේ සැවැත්නුවර මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයේය. මෙම සූත්‍ර දේශනාව අතිශය වැදගත් වන්නේ පෘථීවියේ ඇතිවීම, නැතිවීම, මනුෂ්‍ය සංහතියේ ඇතිවීම, විකාශය, විනාශය ආදිය පිළිබඳ බෞද්ධ මතය මෙහි ඇතුළත්ව තිබීම නිසාය.