විරුද නාම හා අන්වර්ථ නාම (ඉන්දියා ඉතිහාසය)

  • අධිරාජ්‍යවාදයේ තොරණ- හින්දුස්ථානි තැනිතලාව
  • අන්තක(යම)-දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
  • අප්‍රතිහත ඡත්‍ර –  පළමු ශාතකර්ණී රජු( ක්‍රි.පූ 1සියවස)
  • අවනි සිංහ –  පොළවට අධිපති සිංහයා යන අරුත දෙයි පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු(ක්‍රි.ව 575 – 600) මෙය භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.
  • අවනිජනාශ්‍රය – බටහිර චාලුක්‍ය වංශයේ දෙවන වික්‍රමාදිත්‍ය රජු පළමු වික්‍රමාදිත්‍ය රජුගේ සොයුරාගේ පුත්‍රයාවූ පුලකේශී කුමරාට දුන් විරුදනාමය.(11 සියවස) ඒ අරාබි ආක්‍රමණ මර්දනය කිරීම නිසාවෙනි. මෙහි අරුත ලොවට පිහිටවන්නා යන්නයි.
  • අශෝක රජු – දෙවන පිය පියදස්නීන්
  • ඉන්දියාවේ දොරටුව= කයිබර් දුර්ගය
  • ඉන්ද්‍ර-දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
  • උත්තරාපථස්වාමී – ධර්මපාල රජු(ක්‍රි.ව 770 – 810)(පාල රාජවංශය)
  • ඒක බම්මණා – බමුණන්ගේ එකම ආරක්ෂකයා හෝ උත්තම බ්‍රාහ්මණයා යන අරුතින් ගෞතමීපුත්‍ර ශාකතර්ණී රජුට නාසික් ප්‍රශස්තියේ මේ විරුදය දී ඇත.
  • ඒක්රාට්=පශ්චාත් වෛදික යුගයේ මතුවෙමින් ආ නායකයින් භාවිත කළ විරුදයකි.
  • ඒ්ක්රාත් –  මහා පද්මනන්ද(ක්‍රි.පූ.362 – 334)(නන්ද වංශය)
  • කඩාරම් කොණ්ඩ –  පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව 1014 – 1044)
  • කණිෂ්ක – දේවපුත්‍ර (ක්‍රි.ව.78 – 101)
  • කයිබර් දුර්ගය=ඉන්දියාවේ දොරටුව
  • කවිරාජ – සමුද්‍රගුප්ත (ගුප්ත රාජවංශය)
  • කුඤ්ඤරමල්ල –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 – 953)
  • කුලෝත්තුංග I –  සුංගම් තවිර්ත(තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්)
  • කේරලාන්තක –  පළමු රාජ රාජ චෝළ රජු(ක්‍රි.ව 985 – 1014)
  • ක්‍රීටාන්තක – සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376)(ගුප්ත රාජවංශය)
  • ගංගෙයි කොණ්ඩ –  පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව 1014 – 1044)
  • ගරුඩද්වජ – වෛශ්ණව අභිදානයකි
  • ගුණහර – පළමුවන මහේන්ද්‍රවර්මන් පල්ලව රජු.
  • ගුප්ත කාසි වල ඇති විරුද නාම –  රාජාධිරාජ, පරම රාජාධිරාජ, රාජාධිරජංගී, රාජරාජාධිරාජ
  • ගෞතමීපුත්‍ර ශාතකර්ණී –  ඒක බම්මණා. බමුණන්ගේ එකම ආරක්ෂකයා හෝ උත්තම බ්‍රාහ්මණයා යන අරුතින් ගෞතමීපුත්‍ර ශාකතර්ණී රජුට නාසික් ප්‍රශස්තියේ මේ විරුදය දී ඇත. ඊට අමතරව වරවාරණ වික්‍රම චාරු වික්‍රම, රාජ රාජ මහාරාජ.
  • චක්‍රවර්තී පණ්ඩිත වත්සල –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව .907 – 953)
  • චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415) –  දේවගුප්ත, දේවරාජ, දේවශ්‍රී, පරම භට්ටාරක, වික්‍රමාදිත්‍ය, සිංහවික්‍රම
  • තෙළිඟුකුලකාල- පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි. ව.985 – 1014)
  • දක්ෂිණාපථපති/දක්ෂිණාපථනාථ –  පළමු ශාතකර්ණී රජු
  • දන්තිදුර්ග රජු(ක්‍රි.ව. 733 – 758)(රාශ්ට්‍රකූට වංශයේ ) –  මහාරාජාධිරාජ, පරමේශ්වර, පරමභට්ටාරක
  • දශරථ රජු(අශෝක රජුගේ මුණුපුරු) – දෙවන පිය පියදස්නීන්
  • දෙවන පරශුරාම – මහා පද්මනන්ද(ක්‍රි.පූ 362 – 334)(නන්ද වංශය)
  • දෙවනපිය පියදස්නීන් – අශෝක රජු, දශරථ රජු(අශෝක රජුගේ මුුණුපුරු)
  • දේවගුප්ත – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව 376 – 415)(ගුප්ත රාජවංශය)
  • දේවපුත්‍ර ශාහී ෂගානුෂාහී –  කුෂාණ පරපුරේ රජවරු(අලහබාද් ප්‍රශස්තිය)
  • දේවපුත්‍ර – කණිෂ්ක(ක්‍රි.ව.78 – 101)+
  • දේවරාජ – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415) (ගුප්ත රාජවංශය)
  • දේවශ්‍රී – චන්ද්‍රගුප්ත ii((ක්‍රි.ව.376 – 415)ගුප්ත රාජවංශය)
  • දේවේන්ද්‍ර –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 – 953)
  • ධනද(කුවේර) – දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
  • ධර්මපාල රජු (ක්‍රි.ව 770 – 810)- (පාල රාජවංශය) උත්තරාපථස්වාමී
  • නන්දිවර්මන් ii- පල්ලවමල්ල
  • නරසිංහ වර්මන් I පල්ලව රජු(ක්‍රි.ව.630 – 668) –  මහාමල්ල, මාමල්ල, වාතාපි කොණ්ඩ(වාතාපිය ජයගත්)
  • පණ්ඩිත චෝළ –  පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව1014 – 1044)
  • පරකේෂරී වර්මන් –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව907 – 953)
  • පරම දෛවත පරම භට්ටාරක මහාරාජාධිරාජ –  උතුරු බෙංගාලයේ ශිලා ලිපි වල එන විරුදයකි.ගුප්ක යුගයට සම කාලයේ ය.
  • පරම රාජාධිරාජ –  ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.
  • පරමභගවත – වෛශ්ණව අභිදානයකි. මෙය ගුප්ත වංශයේ දෙවන චන්ද්‍රගුප්ත රජු ද හොයිසල වංශයේ විෂ්ණුවර්ධන රජු ද විරුද නාමයක් සේ භාවිත කර තිබේ.
  • පරමභට්ටාරක – චන්ද්‍රගුප්ත ii(376?)(ගුප්ත රාජවංශය), දන්තිදුර්ග රජු(රාශ්ට්‍රකූට වංශයේ )
  • පරමවෛශ්ණ – වෛශ්ණව අභිදානයකි
  • පරමේශ්වර –  දන්තිදුර්ග රජු(ක්‍රි.ව733 – 758) (රාශ්ට්‍රකූට වංශයේ ), දෙවන පුලකේශීන්(චාලුක්‍ය වංශයේ)
  • පල්ලවමල්ල-දෙවන නන්දිවර්මන්
  • පරාන්තක I චෝළ රජු(ක්‍රි.ව.907 – 953) –  මදුරෙයි කොණ්ඩ(මදුරාව ජයගත්), මදුරෙයියුම් ඊළමුම් කොණ්ඩෙයි(මදුරාව සහ ලංකාව ජයගත්)පරකේෂරී වර්මන්,  වීරනාරායන, දේවේන්ද්‍ර, චක්‍රවර්තී පණ්ඩිත වත්සල,  කුඤ්ඤරමල්ල, ශුරශුලාමනී.
  • පාණ්ඩ්‍ය කුලාශනී –  පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි.ව.985 – 1014)
  • පුලකේශීන් ii(ක්‍රි.ව.610 – 642) – පරමේශ්වර, සත්‍යග්‍රහ, මහාරාජාධිරාජ(සත්‍යග්‍රහ, මහාරාජාධිරාජ යන විරුද මුල්වරට භාවිත කළ පාලකයා ද මොහු ය.)
  • බිම්බිසාර රජු – සේනිය/ශ්‍රේණිය (ප්‍රබල සේනාවක හිමිකරුවෙකු වූ නිසා)
  • මගධරාජ – හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647) (මගධය අල්ලාගත් නිසා)
  • මත්තවිලාශ –  පළමුවන මහේන්ද්‍රවර්මන් පල්ලව රජු. (ක්‍රි.ව.600 – 630)
  • මදුරෙයි කොණ්ඩ – මදුරාව ජයගත් යන අරුතින් පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953)
  • මදුරෙයියුම් ඊළමුම් කොණ්ඩෙයි – (මදුරාව සහ ලංකාව ජයගත්) පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953)
  • මහා මල්ල – පළමු නරසිංහ වර්මන් පල්ලව රජු(ක්‍රි.ව.642 – 668)
  • මහාපද්මනන්ද(ක්‍රි.පූ.362 – 334) – දෙවන පරශුරාම,සර්වක්ෂත්‍රාන්තික, ඒ්ක්රාත්
  • මහාරාජපුත්‍ර දේවභට්ටාරක – ගුප්ත යුගයේ රජුගේ ඥාති පුත්‍රයෙකු හිඳින්වීමේ දී යොදා ගත් විරුදයකි.
  • මහාරාජ – හර්ෂවර්ධන රජු( පුෂ්‍යභූති වංශය) (ක්‍රි.ව.606 – 647)
  • මහාරාජාධිරාජ –  දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 – 642) (බටහිර චාලුක්‍ය වංශය) ,දන්තිදුර්ග රජු(ක්‍රි.ව.733 – 758) (රාශ්ට්‍රකූට වංශයේ ), ප්‍රභාකරවර්ධන(පුෂ්‍යභූති වංශය),
  • මහේන්ද්‍රවර්මන් I පල්ලව රජු(ක්‍රි.ව.600 – 630) – – මත්තවිලාහ, විචිත්‍චිත්ත, ගුණහර
  • මහේන්ද්‍රාදිත්‍ය – කුමාරගුප්ත රජු(ක්‍රි.ව.415 – 454)
  • මහේෂ්වර – වීමා කැඩ්ෆයිසස්(යු – එ – චී ගෝත්‍රය පසුව කුෂාණ)
  • මාමල්ල –  පළමු නරසිංහවර්මන් පල්ලව රජු(ක්‍රි.ව.642 – 668)
  • මුම්මුඩි කොණ්ඩ – පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව.1014 – 1044)
  • මුම්මුඩි චෝළ – පළමු රාජ රාජ චෝළ රජු(ක්‍රි.ව.985 – 1014)
  • රාජ රාජ I(ක්‍රි.ව.985 – 1014) – (චෝළ) මුම්මුඩි චෝළ, පාණ්ඩ්‍ය කුලාශනී, කේරලාන්තක, තෙළිඟුකුලකාල
  • රාජ රාජ මහා රාජ – ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන)
  • රාජපුත්‍ර –  හර්ෂවර්ධන රජු)(606 – ?) ( පුෂ්‍යභූති වංශය
  • රාජරාජාධිරාජ –  ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.
  • රාජාධිරජංගී –  ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.
  • රාජාධිරාජ – ඊෂාණවර්මන් රජු (මෞඛරී වංශය), ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.
  • රාජේන්ද්‍ර I(ක්‍රි.ව.1014 – 1044) – (චෝළ රජු) මුම්මුඩි කොණ්ඩ, ගංගගෙයි කොණ්ඩ, කඩාරම් කොණ්ඩ, පණ්ඩිත චෝළ
  • රාය සිමුඛ සාතවාහන – නාගනිකා දේවියගේ නානාඝාත් අභිලේඛනයේ සිමුඛ හඳුන්වා ඇත්තේ මේ නමිනි.
  • වරවාරණ වික්‍රම චාරු වික්‍රම –  ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන)
  • වරුණ-දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
  • වාතාපිකොණ්ඩ – පළමු නරසිංහවර්මන් (ක්‍රි.ව.642 – 668)පල්ලව රජු(වාතාපිය ජයගත් යන අරුතින්)
  • වානවන් – ශෙන්දන් පාණ්ඩ්‍ය රජු
  • වික්‍රමාංක – සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376)(ගුප්ත රාජවංශය)
  • වික්‍රමාදිත්‍ය – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415)(ගුප්ත රාජවංශය)
  • විචිත්ත චිත්ත –  පළමුවන මහේන්ද්‍රවර්මන්(ක්‍රි.ව.600 – 630) පල්ලව රජු.
  • විශ්වස්‍ය භුවනස්‍ය රාජා –  වෛදික රජවරුන්ගේ විරුදයකි.
  • වීමා කැඩ්ෆයිසස් – සර්වලෝක ඊෂ්වර,මහේෂ්වර (යු – එ – චී ගෝත්‍රය පසුව කුෂාණ)
  • වීරනාරායන –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953)
  • වීර – පළමු ශාතකර්ණී රජු
  • වෛදික රජවරුන්ගේ විරුද – විශ්වස්‍ය භුවනස්‍ය රාජා
  • ශාතකර්ණී I රජු – වීර, ශූර, අප්‍රතිහත ඡත්‍ර, දක්ෂිණාපථපති.(දක්ෂිණාපථනාථ)
  • ශිලාධිත්‍ය – හර්ෂවර්ධන රජු(ක්‍රි.ව. 606 – 647)(පුෂ්‍යභූති වංශය)
  • ශුරශුලාමනී –  පළමු පරාන්තක චෝළ(ක්‍රි.ව.907 – 953)
  • ශූර –  පළමු ශාතකර්ණී රජු
  • ශෙන්දන් – වානවන්
  • ශ්‍රේණිය- බිම්බිසාර රජු
  • සකල උත්තරාපථනාථ –  හර්ෂවර්ධන රජු(606 – 647) ( පුෂ්‍යභූති වංශය)
  • සකලෝත්තරාපථනාථ –  හර්ෂවර්ධන රජු(606 – 647) ( පුෂ්‍යභූති වංශය)
  • සත්‍යග්‍රහ –  දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 – 642)(බටහිර චාලුක්‍ය වංශය)
  • සමුද්‍රගුප්ත – කවිරාජ(උසස් ම කවියා)/ වික්‍රමාංක/ක්‍රීටාන්තක(කිරීටධරයින්ගේ මාරයා)
  • සර්වක්ෂත්‍රාන්තික –  මහා පද්මනන්ද(නන්ද වංශය)ක්ෂත්‍රියයන් විනාශ කළ යන අදහසින්
  • සර්වභෞම- පශ්චාත් වෛදික යුගයේ මතුවෙමින් ආ නායකයින් භාවිත කළ විරුදයකි.
  • සර්වලෝක ඊෂ්වර – වීමා කැඩ්ෆයිසස් (යු – එ – චී ගෝත්‍රය පසුව කුෂාණ)
  • සිංහ විෂ්ණු රජු – අවනිසිංහ. පොළවට අධිපති සිංහයා යන අරුත දෙන මේ විරුදය පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.
  • සිංහවික්‍රම – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415)(ගුප්ත රාජවංශය)
  • සුංගම් තවිර්ත – පළමු කුලොත්තුංග රජු (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්)
  • සේනිය – බිම්බිසාර රජු(ක්‍රි.පූ.542 – 490) (ප්‍රබල සේනාවක හිමිකරුවෙකු වූ නිසා)(හර්යංක වංශය)
  • හර්ෂවර්ධන රජු(ක්‍රි.ව.606 –  647) – ශිලාධිත්‍ය, මහාරාජ, රාජපුත්‍ර, සක‌ලෝත්තරාපථනාථ, මගධරාජ
  • හින්දුස්ථානි තැනිතලාව=අධිරාජ්‍යවාදයේ තොරණ