අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
මෙම ලිපියේ චූල සීවලී නමින් සිටි රැජිනක ගැන සඳහන් වේ.
යහපතක් වේවා දේවානම් පියතිස්ස රජු ගේ මුණපුරු වූ ද කුට කණ්ණා ගාමිණී අභය ගේ පුත්‍රයා වූද උපරාජ තිස්ස ගේ දියණිය වූ මහාරාජිනී චූල සිවලී දේවි විසින් උත්තර සීවලී පබ්බත විහාරයේ වැඩ වාසය කරන, සතර දිසාවෙන් වැඩි භික්ෂු සංඝයා උදෙසා කුඹුරගම වැවේ ඉඩම් බද්ද ද චිත්‍රා වැවේ ඉඩම් බද්ධ ද නගරයේ වැවේ බද්ද ද පිරිනමන ලදී.
උත්තර සීවලී පබ්බත විහාරය යනු වත්මන් නීලගිරි විහාරය යැයි අනුමාක කරයි. චූලසීවලී නමින් හඳුන්වන්නේ පසුව ලංකාවේ රාජ්‍යත්වට පත් සීවලී හෙවත් රේවතී රැජින ද යන්න නිශ්චිතව ම දැක්වීමට අපහසු ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.