සමූලජනනය

තනි සෛලයකට සම්පූර්ණ ශාකයක්‌ ලෙස වැඩීමට උපකාරී වන ප්‍රවේණි ක්‍රියාවලිය. සමූලජනනය පිළිබඳ සංකල්පය ප්‍රථම වරට හඳුන්වාදුන්‌ විද්‍යාඥයන්‌ වනුයේ, මැතියස්‌ ශ්ලයිඩන්‌ සහ තියොඩර්‌ ශ්වාන්‌ය. 1838 ‘දි සෛල වාදය‘ ඉදිරිපත්‌ කරන ලද්දේ ඔවුන්‌ විසිනි.