මත්ස්‍ය සුදු පුල්ලි රෝගය

මෙය ශ්‍රී ලංකාවේ මිරිදිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ භාවිත කරන සියලු මත්ස්‍ය විශේෂවලට සුලභ වැළඳෙන රෝගයකි. මෙම රෝගය නිසා සෑම වසරක ම සීතල මාසවල දී (දෙසැම්බර්‌ – ජනවාරි) සෑම මත්ස්‍ය ගොවි පොළක ම සැලකිය යුතු මත්ස්‍ය මාර්ථ්‍යතාවක්‌ වාර්තා වී ඇත. Ichthyopthirius  නම් අනිවාර්‍ය්‍ය පරපෝෂිතයා (පක්ෂ්මධරඒක සෛලීක ) මත්ස්‍ය සුදු පුල්ලි රෝගය ඇති කරයි. පරපෝෂිතයාගේ පිහිනිය හැකි අසාධක අවධිය මත්ස්‍යයන්ගේ දේහයට ඇතුළු වී ජලක්ලෝම මත, වරල්‌ සහ දේහ පෘෂ්ඨය මත වාසස්ථාන සකසා ගනී. පසුව සෙමින්‌ අපිචර්මය  හා චර්මීය සෛල අතරින්‌ ගමන්‌ කර සෛලීය සංඝටක ජීරණය කිරීමෙන්‌ අවශ්‍ය පෝෂක ලබා ගනී, ඒ හේතුවෙන්‌ මත්ස්‍යයාගේ සමහර අපිචර්මීය සෛල ගුණනය වී වෙන වෙන ම එක්‌ එක්‌ පරපෝෂිතයා වටා ගැටිති ආකාර ආරක්ෂක ස්ථරයක්‌ සාදයි.මම ගැටිති සුදු පාට පුල්ලි ලෙස පියවි ඇසට දිස්වන අතර ඒවා බිඳී ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා පූර්ණ ලෙස වැඩුණු පරපෝෂිතයා (පෝෂ්‍ය ජීවියා) මත්ස්‍ය දේහයෙන්‌ පිටතට පැමිණෙයි. පෝෂ්‍ය ජීවින්‌ විශාල සංඛ්‍යාවක්‌ ඉවත්වීමේ දී රුධිර කේෂනාලිකා තුවාල වී රුධිර වහනය වන තුවාල දැකිය හැකි වේ.