මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිතව බහුලව දැකිය හැකි බැක්ටීරියා ආසාදනයකි. Aeromonas විශේෂවලට අයත් සමහර ව්‍යාධිජනකයන් දේහ පෘෂ්ඨය මත ස්ථාපනය වී එහි අපිච්ඡද සෛලවලින් පෝෂක ලබා ගැනීම නිසා එම සෛල මිය යාම (නෙක්රොසිය) සිදු වී අනතුරුව ඒවා හැලී යයි. මසුන්ගේ සමේ ඇති රුධිර කේශනාලිකා බිත්ති හානි වුවහොත් රුධිර වහනය සහිත කුඩා තුවාල ඇති විය හැකි ය. අනතුරුව ව්‍යාධිජනකයා රුධිර ධාරාව හරහා අවයවවලට ඇතුළු වී රක්තපාත සෙප්ටිසීමියා ඇති කරයි. බැක්ටීරියාව අක්මාව,ප්ලීහාව හා වෘක්ක වැනි අවයවවලට ඇතුළු වී ඒවායේ අභ්‍යන්තර ලේ ගැලීම් සිදුකර එම වැදගත් අවයවවල කෘත්‍යයන්ට බලපෑම් ඇති කරයි.