පදාර්ථය

විශ්වයේ යම් ඉඩක් ලබාගන්නා ස්කන්ධයක් සහිත සංඝටක වේ.  පදාර්ථය ඝන, ද්‍රව, වායු යන මූලික අවස්ථා තුනකින් සමන්විත වේ.

  • ඝන අවස්ථාව

    ඝනත්වය වැඩිය. මුළුමනින්ම වාගේ අසම්පීඩ්‍ය වේ. පරිමාව නිශ්චිතය. දෘඩය. හැඩය ස්ථිරය. තාප ප්‍රසාරණ සංගුණකය කුඩාය.

  • ද්‍රව අවස්ථාව

    ඝනත්වය වැඩිය. මුළුමනින්ම වාගේ අස්පීම්ඩ්‍ය වේ. පරිමාව නිශ්චිගය. ස්ථිර හැඩයක් නොමැත. බාහිර බලවලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි. ඝන මෙන් දෘඩ නොවේ. දරා සිටින භාජනයේ හැඩය ගනී. තිරස් පෘෂ්ඨයක් ඇති කරයි. තාප ප්‍රසාරණ සංගුණකය කුඩාය.

  • වායු අවස්ථාව

    ඝනත්වය ඉතා අඩුය. ඉතා සම්පීඩ්‍ය වෙි. ඕනෑ ම පරිමාවක් ක්ෂණිකව අත්පත් කර ගනී. ස්ථිර හැඩයක් නොමැත. තිරස් පෘෂ්ඨයක් ඇති කර නොගනියි. ඉහළ ප්‍රසාරණ සංගුණකයක් ඇත.