පැරණි ඉන්දීය විශ්වවිද්‍යාලකි. උතුරු බෙංගාලයේ වරේන්ද්‍ර දේශයේ අගනුවර ලෙස හැඳින්වූ රාමාවතී නුවර තිබූ බව පිළිගැනෙයි. පාල රාජවංශයේ රම්පාල රජු විසින් ඉදිකර තිබේ. මෙය නාලන්දා විශ්ව විද්‍යාලය තරමට දියුණු නොවුණ නමුත්, තාන්ත්‍රික බුදු සමය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ ආයතනයකි. නමුත් නාලන්දාවේ ක්‍රියාත්මක වූ ආකාරයේ ම අධ්‍යාපන සහ පරිපාලන පටිපාටියක් මෙහි ක්‍රියාත්මක වී තිබේ. මෙහි දී මහායාන ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනාවක්ම ටිබෙට් බසට පරිවර්තනය කර තිබේ. නමුත් ක්‍රි.ව. 1207දී මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් පසුව මෙම විශ්වවිද්‍යාලය ද විනාශයට පත් විය.