පැරණි භාරතීය විශ්ව විද්‍යාලයකි.නාලන්දා විශ්වවිද්‍යාලයට සමීපය එනම් ඊට සැතපුම් අටක් පමණ වූ දුරකින් පිහිටා තිබුණි. පාල රාජවංශයේ ගොපාල රජු විසින් මෙය ක්‍රි.ව. 750දී පමණ ඉදිකළ බව පිළිගැනෙයි. වත්මනි බිහාර් ප්‍රදේශයට අයත් ය. මහායාන ධර්ම ශාස්ත්‍ර පදනම් කරගත් මෙහි වික්‍රමශිලා විශ්වවිද්‍යාලයේ අධිපති හිමියන් වූ දීපංකර ශ්‍රී හිමියන්ද මහායාන ධර්මය හැදෑරුව බව සඳහන් ය. 12,000ක් පමණ වන ගුරු සිසු හා සේවක පිරිසක්මෙම විශ්ව විදයාලයේ සිටි බව ටිබැට් වාර්තා වල සඳහන් වේ. කීර්තිමත් ටිබෙට් විද්වතුන් කිහිප දෙනෙකු එහි අධ්‍යයන කටයුතු කළ බව ද ටිබෙට් මූලාශ්‍රය වල සඳහන් වේ. නමුත් මෙය 11 වන සියවසේදී පමණ පරිහානියට පත්විය. ඒ ක්‍රි.ව. 1200, ඉක්තියාර් අල්-දීන් මුහම්මද් බක්තියාර් ඛල්ජි යටතේ මුස්ලිම්වරුන් බිහාර් ආක්‍රමණය කළ අවස්ථාවේ මෙම විශ්වවිද්‍යාලය ද විනාශ කළ බැවිනි.