උග්‍රසේන රජ

ඉන්දීය පාලකයෙකි. මහාවංස ටීකාව හා මහා බෝධි වංසයට අනුව පෙනී යන්නේ, ක්‍රි.පූ.4වන සියවසේ පමණ උතුරු ඉන්දයාවේ පාලක වංශයක් වූ නන්ද වංශයේ පළමු නන්ද රජු වූ මහා පද්මනන්ද රජු මේ නමින් ද හැඳින්වී ඇත. මේ හැර පාලක්කයේ උග්‍රසේන නමින් සිටි තවත් පාලකයෙක් ගුප්ත වංශයේ සමුද්‍රගුප්තයන් අතින් පරාජය වූයේ යැයි ද සඳහන් වේ.