උග්‍රසිංහ

උක්කිර චිංකම් නමින් යාල්පාන වෛපවමාලෙයි කෘතියේ සඳහන් වන රජු. හේ ක්‍රි.ව. 795 වැන්නේ දී ඔහු උතුරු ඉන්දියාවෙන් විශාල සේනාවක් රැගෙන ලංකාවට විත් ලංකාවෙන් අඩක් අල්ලාගත් බව ඉහත කෘතියේ සඳහන් වේ. මේ කෘතියේ සඳහන් වන ආකාරයට හෙතෙමේ විජය රජුගේ සෙහොයුරෙකුගෙන් පැවත එන්නෙකි.