උග්ග

දඹදිව වැදෑරට හත්ථිගාමයේ ද, වේසාලි පුරයේ ද සිටි ගහපතීන් දෙදෙනෙතු මේ නමින් හඳුන්වා තිබේ. පළමුවැන්නා භික්ෂු සංඝයාට උපස්ථාන කිරීමෙහි අග්‍ර වූ අතර, දෙවැන්නා ඉතා ප්‍රියමනාප දේ දන් දෙන්නන් අතර අග්‍ර බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.