ඉසිදාසි

උතුරු ඉන්දියාවේ අවන්තියේ අගනුවර වූ උදේනි නුවර සිල්වත් ගුණවත් සිටු පවුලක ඒක ම දියණිය වශයෙන් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. පෙර කළ අකුසල කර්මයක් නිසා ස්වාමි පුරුෂයන් අතින් ප්‍රතික්ෂේප වූ ඇය පසුකාලයේ බුදුසමයෙහි පැහැදී පැවිදිව රහත් භාවයට පත්වූවා ය.