ඉසිගිලි

උතුරු ඉන්දියාවේ රජගහනුවර ආසන්නයේ පිහිටි පර්වත පහෙන් එකකි. පසේ බුදුවරයන් වහන්සේලා මේ පර්වතයට එන අයුරු ප්‍රදේශවාසී මිනිසුන් දැක ඇතත් පැමිණි පසු දැකගන්නට නොලැබුණු නිසා මෙකී පර්වතය ඉසින් ගිලගන්නා එකකැ’යි මතයක් ඇතිවිය.  මේ නිසා මේ නම ලැබී ඇතැයි මතයකි.බුද්ධ චරිතය සම්බන්ධ සිදුවීම් කිහිපයක් ම මේ පර්වතය ආශ්‍රිතව සිදු වී තිබේ. මුගලන් හිමි සොර සතුරු ප්‍රහාරයකට ලක්ව පිරිණිවන්පෑවේ ද මේ පර්වත ප්‍රාන්තයේ දී ය.වර්තමානයේ රත්නගිරි නමින් හැඳීන්වෙන්නේ ද මේ පර්වතය යැ’යි කණිංහැම් පඬිවරයා විශ්වාස කරයි.