WordPress WooCommerce Themes

ගන්ධාර කලා සම්ප්‍රදාය

ලෞකිකත්වයට මුල්තැන දුන් ග්‍රීක ආභාසය ඇතිව වර්ධනය වූ කලා සම්ප්‍රදායකි. ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය යනු ද මෙයමය. ගැඹුරු අධ්‍යාත්මික සංකල්පනා ලෞකික භෞතික සංකල්ප ලෙස ගෙන ප්‍රතිනිර්මාණය කිරීම මේ කලාවේ ලක්ෂණයකි. අධ්‍යාත්මික බලයට වඩා කායික බලය විශ්වාස කළ බටහිර කලාවේ ආභාසය ඊට ලැබුණු නිසා මේ තත්ත්වය වර්ධනය වන්නට ඇත. කණිෂ්ක රාජ්‍ය සමයේ වර්ධනය වූ මේ ආගමික කලාව අනුව කළ බුද්ධ ප්‍රතිමා මේ කලාවේ ස්වභාවය පෙන්වන හොඳම සාධක වේ. පිරුණු මස්ගොබ සහිත සිරුරු, පුළුල් හනු සහිත මුහුණු, තරමක් ගිළුණු ඇස්, පුළුල් ළයමඩල ආදියත් රළු කැරළි සහිත හිසකෙස් ආදිය මේ බුද්ධරූපවල දැකිය හැක. ඇතැම් බුද්ධරූපවල රැවුල ද යාන්තමින් දක්වා තිබේ. පෙරදිග කලාව තුළ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී එහි රශ්මි මාලාව නළල කේන්ද්‍රකරගෙන විහිදෙන ආකාරයට නිරූපණය කරන අතර ගන්ධාර කලාවේ බුද්ධප්‍රතිමාවල එය නාසය කේන්ද්‍ර කරගෙන විහිදෙන ආකාරයට දක්වා තිබීම මු දුටු විශේෂම ලක්ෂණයයි. නළල බුද්ධිය, මනස පිළිබඳ භෞතික නිරූපණය ලෙස ගතහැක. නාසය භෞතිකත්වය, ශරීර ශක්තිය පිළිබඳ ප්‍රත්‍යක්ෂ නිරූපණය ලෙස ගතහැක. වයඹදිග ඉන්දියාවේ පුරුෂපුරය, සියල්කොට්, තක්ෂිලා හා පුෂ්කලාවතී ආදී නගරවලින් ගන්ධාර කලාකෘති හමු වේ.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.