වත්මන් ඉරාන ප්‍රදේශය මුල්කරගනිමින් ආසියානු කලාපය ද අල්ලාගනිමින් වර්ධනය වූ දැවැන්ක අධිරාජ්‍යයකි. මේ පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණය හමුවන්නේ ග්‍රීක මූලාශ්‍රය වල ය. මෙහි දී හෙරඩෝටස්ගේ වාර්ථා වඩාත් ප්‍රබල වේ.මේ අධිරාජ්‍යයට අයත් ශිලා ලේඛන හා රැස්වීම්ශාලා ආදියේ නටබුන් රැසක් ද හමු වී තිබේ. ක්‍රි.පූ. 559-529 කාගයේ මේ අධිරාජ්‍යය පාලනය කළ මහාසයිරස් රජු මේ අධිරාජ්‍යයේ පළමු ශ්‍රේෂ්ඨ පාලකයා සේ පිළිගැනෙයි.පසාර්ගදී නගරය අගනුවර කරගනිමින් මේ රජු යටතේ ප්‍රදේශ ගණනාවක අධිරාජ්‍යය ව්‍යාප්ත විය. ඔහු සිය අධිරාජ්‍යය කැස්පියන් මුහුදේ සිට ඉන්දීය සාගරය දක්වා ව්‍යාප්ත කළේ යැයි හෙරඩෝටස් සඳහන් කර තිබේ. මහා සයිරස් එරජුට පසු බලයට පත් වූ කැම්බයිසීස් රාජ්‍ය සමයේ දී මිසරය ද මේ අධිරාජ්‍යයට අයත්වූ නමුත් ඒ් කාලයේ ම අභ්‍යන්තර ගැටළු කිහිපයක් මතුවිය. මේ නිසා අධිරාජ්‍ය වර්ධනය තාවකලිකව ඇණහිටිය ද, ඔහුට පසු බලයට පත් මහා ඩේරියස් රජු යළිත්වතාවක් අධිරාජ්‍යය තුළ සාමකාමී තත්ත්වයක් උදාකරගනිමින් වර්ධනීය තත්ත්වයකට ගෙනඒමට සමත්විය. ඒසේ වුව ද ඔහුගේ කාලයේ දී ග්‍රීකයෝ ප්‍රබලව ඇකිමේනියානු හෙවත් පර්සියන් අධිරාජ්‍යයට පහරදුන් අතර ඔවුන් ඇකිමේනියානු නිවාක බලය විනාශකිරීමට ද සමත් වූහ. මින් පසු අධිරාජ්‍යය යළිත් අනතුරුදායක තත්ත්වයකට පත්වුව ද, තුන්වන ඩේරියස් රාජ්‍ය සමයේ දී යළි සාර්ථක වීමට ඔවුහූ සමත්වූහ. එහෙත් ඒ් සාර්ථකත්වය වැඩිකලක් දරා සිටීමට ඇකිමේනියානුවෝ අසමත් වූහ. ඊට හේතුව ග්‍රීකයන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා යටතේ යළි සංවිධිනය වීම යි. රණශූර ඇලෙක්සැන්ඩර් ග්‍රීක හමුදා මෙහෙයවමින් ඇකිමේනියානු අධිරාජ්‍යයේ කොටස් ක්‍රමයෙන් අත්පත්කරගනිමින් පැමිණ ඔවුන්ගේ පාලන මර්මස්ථානය වූ පර්සිපොලිස් නගරය ගිනිබත්කිරීමත් සමග ඇකිමේනියානු අධිරාජ්‍යය සපුරා ම බිඳවැටුණි. ඉන්පසු ඇකිමේනියානු අධිරාජ්‍යයක් ගැන ඉතිහාසයේ අසන්නට නොලැබේ. නමුත් ඇකිමේනියානු අධිරාජ්‍යය ඉන්දීය ඉතිහාසයට ද අතිශයින් බලපා ඇතිවග සඳහන්කළ යුතුම ය. ඇකිමේනියානු අධිරාජ්‍යයට ඉන්දියාවේ වයඹදිග කොටස ද අයත්වූ නිසා ඉන්දියාවත් යුරෝපයත් අතර සබඳතා මේ යුගයේ දී වර්ධනය විය.පර්සියානු සංස්කෘතික ආභාසය ද මේ යුගයේ ඉන්දීය සංස්කෘතියට හිමි වී තිබේ. ඇකිමේනියාන්(පර්සියානු) ‘අපදාන’ ශාලා සම්ප්‍රදායට අනුව ඉදකළ ගොඩනැගිලි නටබුන් පාඨලීපුත්‍රයේ තිබී හමුවීම මීට හොඳ ම උදාහරණය වේ.