බ්රාහ්මණ දර්ශනය අනුව ජීවිතයේ සිව් වැදෑරුම් අවස්ථා. මේ ආගමික චින්තනය අනුව ඇසිය යුතු හා යළි යළිත් ස්මරණය කළ යුතු ධර්මය කොටස් හයකට බෙදා තිබේ. (වර්ණ ධර්ම, ආශ්රම ධර්ම, වර්ණාශ්රමධර්ම, ගුණධර්ම, නෛමිත්තික ධර්ම, සාධාරණ ධර්ම ආදී වශයෙනි.) ආශ්රම ධර්ම යන්න යළි කොටස් 4කට බෙදා තිබේ. බ්රහ්ම චර්යා(ආචාර්ය වරයෙක් ඇසුරේ ගත කරන කාලය හෙවත් අන්තේවාසික කාලය,), ගෘහස්ථ(ගෘහස්ථව විවාහ වී දරුවන් ඇති දැඩි කරමින් ගතකරන කාලය), වානප්රස්ථ(වනවාසීව ගත කරන කාලය) හා සන්යාසි(මුණිවරයෙකු වශයෙන් ගතකරන කාලය) වශයෙනි.