මහාභිනිෂ්ක්‍රමණයන් පසු සිද්ධාර්ථ ගෞතමයෝ උපදෙස් සොයා ගිය පළමු හෝ දෙවන ආචාර්වරයා ය. ථෙරිගාථා අටුවාවේ භාර්ගව නම් ආචාර්ය වරයෙකු ගැන ද සඳහන් වන නිසා මේ දෙවන ආචාර්යවරයා යැයි දැක්වීම නිවැරදි ය.
කාලාම යනු ඔහු අයත් ගෝත්‍රයේ නාමය යි. ඔහු තුන්සියයක පමණ තවුස් පිරිසකට නායක ව වින්ද්‍යා වන ප්‍රදේශයේ විසූ අතර සත්වැනි සමාපත්තිය ලබා සිටියේ ය. සිද්ධර්ථ ගෞතමයන් අභිනිෂ්ක්‍රමණයෙන් පසු ආළාර කාලාම වෙත ගොස් ආකිඤ්චඤ්ඤායතනය ලබා ගත් අතර පසුව තවුසන් තුන්සියයෙන් අඩක් භාරගෙන එහි කලක් විසූ බව සඳහන් ය. නමුත් එහි සිටීමෙන් සිය අරමුණ ඉටුනොවන වග දැනගත් සිද්ධාර්ථ ගෞතමයන් පසුව ආළාර කාලාම වෙතින් නික්ම උද්දක රාමපුත්ත වෙත ගිය බව දැක්වේ.