හේතු ගණනාවක් නිසා ආර්යයෝ සිය මුල් බිම් හැරගිය බවට සාධක ඇත. ක්රි.පු 3500 දී පමණ කිර්ගීස් තෘණ බිම් ආශ්රිත ප්රදේශ වල වාසය කළ ආර්ය ජනයා ගෝත්ර කණ්ඩායම් වශයෙන් වරින් වර බිදී ගොස් වරින් වර විවිධ ප්රදේශ වලට සංක්රමණය වූහ. ඊට බලපෑ සාධක අතර
- ජනගහනය අධික වීම නිසා අසමගිකම් වර්ධනය වීම.
- ආහාර හිඟ වීම.
- දරුණු නියං ඇති වීම.
- ගොවිතැන් පාළු වීම.
- යුද්ධ පරාජයන්
ක්රි.පු 2800-2600 අතර කාලයේ දී මුල්ම කණ්ඩායම් ආර්ය මුල් බිම් හැරගිය බවට සාධක ඇත. එසේ වෙන්ව ගිය කණ්ඩායම් අතර ප්රධාන කණ්ඩායම් 2 කි.
- හිටයිට්වරු
- ලූවියන් වරු
මොවුන් මුල් බිමෙන් වෙන්ව ගොස් නිරිත දෙසට සංක්රමණය වී සුළු ආසියාවේ පදිංචියට ආහ. ඔවුන්ගේ ගමන් මඟ වැටී තිබුනේ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ ඔස්සේ හා කොකේසස් කඳුවැටිය හරහාය. මෙසේ සංක්රමනය වු පිරිස් වැඩි කල් යාමට මත්තෙන් ස්වදේශීය ජනයා හා මිත්ර වු බව පිළිගැනේ.
ක්රි. පු 2600 න් පසු මුල් ආර්යයන්ගේ භූමියෙන් වෙන් වී ගිය කොටස් ගමන් කළේ පෙර කන්ඩායම් ගමන් කළ අයුරින් නිරිත දෙසට නොවේ. ගිනිකොන දෙසටයි. එසේ ආ ඔවුන් බාල්ක් හෙවත් බැක්ට්රි යන ප්රදේශයේ ( හින්දු කුෂ් කඳු පාමුල සිට කැස්පියන් මුහුද දක්වා පෙදෙස ) තරමක් දීර්ඝ කාලයක් නතර වී සිටියහ . පසුව මේ ජනයාගෙන් ද කුඩා කොටස් වෙන් වී විවිධ ප්රදේශ වලට සංක්රමණය වුහ. ඔවුන් අතරින් ප්රධාන කණ්ඩායම් 2 කි.
- කැසයිට් වරු – නිරිත දිග ආසියාවට සංක්රමනය වූහ.
- මිතන්තීවරු – උතුරු මැද මෙසපොතේමියානු භූමියට සංක්රමනය වූහ.
මීට අමතරව ක්රි. පු 2300-2000 අතර කාලයේ දී බැක්ට්රියානු ප්රදේශයේ සිටි ආර්ය කණ්ඩායමෙන් කුඩා කොටස් වෙන්වී සුළු ආසියාව සිරියාව පලස්තීනය උතුරු මෙසපොතේමියාව වැනි ප්රදේශ වලට සංක්රමණය වුහ. එහෙත් මේ සියල්ලෝ පසුව ක්රමයෙන් ස්වදේශිකයන් හා මිශ්ර වී ගිය බවට ද සාධක ඇත්තේය.