ආර්යයන්ගේ මුල් බිම

මේ පිළිබඳව විවිධ මත භේද පවතී . එහෙත් පොදු මතය හෙවත් බහුතරය පිළිගත් මතය වන්නේ ඌරල් කඳු වැටියට දකුණින් පිහිටි  කිර්ගීස් තෘණ බිම් හෙවත් ස්ටෙප්ස් තෘණ භූමි වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති ප්‍රදේශ ආශ්‍රිත භූමිය ආර්යයන්ගේ මුල් බිම් යන්නයි.

ආර්යයන්ගේ මුල් බිම පිළිබඳව විවිධ මත වාද

  • ආර්යයන්ගේ මුල් බිම ඉන්දියාවයි. ඩී . ඇස් . ත්‍රිවේද නම් ඉන්දීය පඬිතුමා
  • මධ්‍යයම ආසියාව ආර්ය මුල්බිමයි. – ඉන්දියානු හා යුරෝපීය ඉතිහාසඥයෝ පිරිසක්
  • ආර්යයන්ගේ මුල් බිම යුරෝපාකරයේ ස්ථානයකි. – යුරෝපීය ඉතිහාසඥයෝ
  • ආර්යයන්ගේ මුල් බිම වුයේ දකුණු රුසියාවේ කළු මුහුදේ උතුරු වෙරළබඩ තීරය යි. ෂ්‍රාඩර් පඬිතුමා
  • හංගේරියාව ආර්යයන්ගේ මුල් බිම යි. ජයිල්ස් පඬිතුමා
  • ආර්ය මුල් බිම ජර්මනියයි.-කොස්සින නම් ජර්මන් පඬිතුමා
  • කිර්ගීස් තෘණ භූමි වල උතුරු කොටසයි.- ආර්. ඇන්. දණ්ඩෙකාර් නම් ඉන්දීය පඬිතුමා

කිර්ගිස් තෘණ භූමිය ආර්ය නිජ බිමයි. –  ග්‍රීස් වෝල්ඩ් පඬිතුමා