සුත

පශ්චාත් වෛදික යුගයේ තොරතුරු ඇතුළත් කෘති විශේෂයකි. මේ යුගයේ ගෘහ්‍ය චාරිත්‍ර හා පුජා විධි පිළිබඳව, විශේෂයෙන් ම සෝම යඥය පිළිබඳව තොරතුරු ඇතුළත් නමුදු මෙම ග්‍රන්ථ විශේෂයට අයත් ධර්ම සූත්‍ර නම් කොටස සිවිල් හා අපරාධ නීති, ආචාරධර්ම  නීති  ද විස්තර කරයි. සවිස්තරව නැතත් මීට අමතරව රාජ්‍ය පාලන නීති පිළිබඳව ද ධර්ම සූත්‍රයේ විස්තර කරයි. ගෘහ්‍ය සූත්‍රයෙන් මිනිස් ජීවිතයේ චතුර්විධ අවස්ථා හෙවත් චතුර් ආශ‍්‍රම(බ‍්‍රහ්මචර්යා, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාසි) වල දී අනුගමනය කළයුතු ආචාර උපචාර විධි ද විස්තර කරයි. මේ නිසා මෙම සූත්‍ර දෙක ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ. ආපස්තම්භ, ගෝගීල, ගෞතම, බෞධායන, කත්‍යායන වැනි තවත් සුත ග්‍රන්ත ද වෙයි.