ආන්ද්‍ර

දකුණු ඉන්දියාවේ ගෝදාවරී හා ක්‍රිෂ්ණ නදී අතර තිබූ රාජධානියකි. මහාභාරත විස්තරයට අනුව මෙය වරක් සහදේව නම් වීරයා විසින් යුධ කර යටත් කරගෙන ඇත. මෙය ඩෙකෑන් සානුවේ නැගෙනහිර කොටසට භාවිත කළ නාමය කි. මෙහි වෙසෙන ජනයාද මේ නමින් ම හඳුන්වනු ලැබේ. මෙහි ප්‍රධාන නගරය අන්ධපුරය හෙවත් ආන්ධ්‍රපුරය නම් වී ඇත. ටොලමි සඳහන් කරන ආකාරයට එය ප්‍රතිෂ්ඨාන් නගරය යි. මේ නමින් ගෝත්‍රයක් ද වී ඇත.