දකුණු ඉන්දියාවේ සිටි (871-907)ප්‍රබල සොලී රජෙකි. විජයාලය රජුගේ පුත්‍රයා වූ මොහු චෝළ රාජ්‍යය බලගතු රාජ්‍යයක් බවට පත් කළේ ය. මොහු බලයට පත් වූ පසු උදා වූ කාලයේ පල්ලවයෝ පාණ්ඩ්‍යයන් හා යුද්ධයක පැටලී සිටි අතර එම සටන ශ්‍රී පුරම්බියම් සටන ලෙස හැඳින්වේ. මේ සටනේ දී පළමුවන ආදිත්‍ය රජු පල්ලවයන්ට සහය දැක්වූ අතර මේ සහයෝගය ද හේතු කොටගෙන යුද්ධය ජය ගන්නට පල්ලවයෝ සමත් වූහ. මේ සහයෝගයට කෘතගුණ සැලකීමක් ලෙස පල්ලව රජු වී අපරාජිතවර්මන් රජු ආදිත්‍ය රජුට තංජෝරයට සමීප පල්ලව ප්‍රදේශයක් ද පවරා දුන්නේ ය. එහෙත් වැඩි කල් යන්නට මත්තෙන් ආදිත්‍ය රජු පල්ලව රාජ්‍යයට ද පහර දී ඔවුන්ට අයත්ව තිබූ කොණ්ඩෙයි මණ්ඩලය ද, කොංගු දේශය ද අල්ලා ගත්තේ ය. ඉන් නොනැවතුණු ඔහු බටහිර ගංගයන්ගේ අගනුවර වූ තලකාඩි නගරය ද අල්ලා ගත්තේ ය.