අසිලිස්

පැරණි භාරතයේ පංජාබයේ පාලකයන්ව සිටි, සිතියන්(ශක) නම් විදේශීය රජ පෙළපතේ උප පෙළපතක් වූ මාවුස් රජ පෙළපතේ දෙවැනියා වූ අසෙස් රජුගේ සමකාලීනයෙකු වූ  මොහු අසෙස් රජු සමග එක්ව කාසි නිකුත්කර ඇති අතර ඒ කාසිවල අසෙස් රජුගේ නම ඛරෝෂ්ඨි අක්ෂරයෙන් ද දක්වා තිබේ. මේ දෙදෙනාම මහාරාජාධිරාජ විරුදය භාවිත කර තිබේ.